Dive the Consolidated PBY-5A Catalina

2013 වසරේ ශ්‍රී ලංකාවේ නැඟෙනහිර වෙරළේ කල්කුඩාව නම් ප්‍රදේශයේ පදිංචි වසන්ත කුමාර නමැති ධීවරයා සුපුරුදු පරිදි තම ධීවර රැකියාවෙ නියතුව සිට තම මාළු දැල ඉහළට ඇදීමේදී අමුතු ලෝහමය සුන්බුන් සොයා ගන්නා ලදී. නමුත් ඔහු කවදාවත් සිතුවේ නැතිව ඇති ඔහු මේ සොයාගත්තේ 1943දි අතුරුදහන් වුන ගුවන්යානයක සුන්බුන් බව. වසන්ත විසින් සොයාගත් ඒ ලෝහ කොටස ගුවන් යානයක බඳ කොටසක කොටසක් විය හැකි බවට ඔහු සැක කළේය. ඉන්පසු දර්ශන ජයවර්ධන සහ වසන්ත සමඟ සම්බන්ධතා ඇති කර ගැනීමෙන් පසු ඔහු සුන්බුන් සොයාගත් ස්ථානය දර්ශන ජයවර්ධන හට පෙන්වා දුන්නේය.

2014 නොවැම්බර් 21 වෙනිදා පහලට කිමිදීමේ කටයුතු අරම්භ කිරීමත් සමග, ප්‍රබල මුහුදු දියවැල් මධ්‍යයේ, මෙම නාඳුනන ස්ථානයට නැංගුරම් ලනුව අසලින්ම තබාගෙන පහලටම ගියේ යම්කිසි චකිතයකිනුය. එහිදී සෝනාර් echo ස්කෑන් පරීක්ෂණයකින් මීටර් 42 ක් පහළින් භූගත වස්තුවක් ඇති බව පෙන්නුම් කළේය.නමුත් සෙවිම් බොහෝ වාරයකම අවසාන ප්‍රතිපලය වූයේ පාෂාණමය කොරල් පරයක් සොයා ගැනීම වු අතර, සමහර විට එය වටා ඉතා විශිෂ්ට කොරල් සහ සාගර ජීවීන් ගහණයක් සහිත වෙනම ලෝකයක් බවට පත්වී ඇති බව පෙනී ගිය අතර, ඇත. පැයකට ආසන්න කාලයක echo ස්කෑන් කරමින් මුහුදු පතුල පරිලෝකනය කරත් කිසිදු සිත් ඇදගන්නා සුලු කිසිවක් සොයා නොගත් නිසාවෙන් ගවේෂණ අත්හැර දමා බෝට්ටුවට පැමිණ දියවැල් වලට අනුව පැද්දෙමින් ඔහේ පාවි පාවි සිටින විට එක්වරම සෝනාරයේ දෘෂ්‍ය සංදර්ශකය ඉහළට නැගෙන්නට විය. හරියටම බොට්ටුවට පහළින් මුහුදු පත්ලේ යමක් තිබෙන බව තෙරුම් ගිය වහාම නැවතත් එය ගල්පරයක් දෝ යැයි සිතට ආ හැගීමත් සමග නැංගුරම විසි කර නැවත කිමිදුම් කට්ටලය සුදානම් කරගත්තේ පහලට බැසීමටය.

මෙම ස්ථානයේ ගැඹුර මීටර් 42 ක් වූ අතර, වාසනාවකට මෙන්, ටැංකි තුනක් සහිත ඨෙc කිමිදීම සඳහා සූදානම් විය. ඉක්මනින් ඇඳගෙන කිමිදිම ආරම්භ කරමින් කුඩා ප්‍රමාණයේ අපේක්ෂාවන් සමඟ යටට ගියේ මෙතනින්වත් අලුත් දෙයක් හම්බේවිදෝ යන්න හිතේ තබාගෙනමය. හදිසියේම, මීටර් 38 ක් ගැඹුරේදි මට පහලින් අදුරු සෙවනැල්ලක ආකාරයේ යම්දෙයක් ඇති බව මට දර්ශනය වනවිට හිතට යම් බලාපොරොත්තුවක් ආවේ අප සොයන දෙයමද මේ යනුවෙනි. ඉතින් නැවතත් පහළට බැසීම දිගටම කරගෙන යනවිට නැංගුරම් ලණුවෙන් ඉවත් වී ඒ සැක සහිත සෙවනැල්ලක් වැනි ප්‍රදේශයට පිහිනා යනවිට ඇස් අදහාගත නොහැකි විය.

ඔව් එය ඇත්ත වශයෙන්ම ගුවන් යානයකි. වසන්ත නිවැරදියි! ඔහුට හමු වී ඇත්තේ ගුවන් යානයක සුන්බුන් කොටසකි.

නමුත් මෙය ගුවන් යානයේ එක් තටුවක් පමණි, එක් තටුවක දිග සමහරවිට මීටර් 12ක් පමණ වන බව නිරීක්ෂණය වූ අතර, ඉක්මනින්ම කැමරාව අල්ලාගෙන මම දුටු සාක්ෂි සියල්ල රේකොර්ඩ් කීරීමට පටන් ගනිමින් එම පියාපත් කොටස දිගේ පිහිනමින් සිටිනවිට, ඒ ආසන්නයේ විශාල රෝදයක් සහ යට මැදිරියේ කොටස් වලින් සමන්විත සුන්බුන් සහිත ප්‍රදේශයක් සොයා ගන්නා ලදී.

වම් පැත්තට වෙන්න එන්ජිමක කොටසක් වගෙ කෑල්ලක් දැකල මම තුෂ්නිම්භූත වුනේ මෙහෙම දෙයක් ප්‍රථම වතාවට දකින නිසාවෙනි. එතකොටම ප්‍රොප්ලර් එකක්. තව දකුණට යන විට, තවත් රෝදයක්!

මේ ඩයිව් සයිට් එක ඉතාමත් සිත් ඇදගන්නාසුළු නිල් ඉරි සහිත ස්නැපර් මාළුන්ගෙන් පිරී තිබීම ගැන මම පුදුම නොවෙමි. මක්නිසාදයත් එය මා කොතෙකුත් දැක ඇති දෙයක් නිසාවෙනුත්, එම මාළු බහුල වීම නිසාවෙන්. මෙහිදි මේ ස්නැපර් මාළුන්ගේ බහුලවීම නිසාවෙන් ගුවන් යානයේ පියාපත්වල ලක්ෂණ අධ්යයනය කිරීම තරමක් අභියෝගාත්මක විය. විශාල ස්නැපර් මාළු කණ්ඩායම් දෙකක් මා ගැන ඉතා උනන්දුවෙන් අධ්‍යයනය කරන බව තෙරුම් ගියේ මා හට ඔවුන් කිසිදු බියක් නොදක්වා මා අසලින්ම ගැවසෙන බැවිනි. අනෙකුත් වෙබ් අඩවි වල සදහන් ආකාරයට මෙන් නොව, ඔවුන් මට බිය නොමැතිව මා අසලින්ම ගැවසෙන්නේ ඔවුන් මිනිසෙකු දකින පලමු අවස්ථාව මෙය නොවන බව පසක් කරමිනි.

නැවතත් මා විසින් ගුවන් යානා තටුව දෙසට මගේ අවධානය යොමු කරමින් ගවේෂණය කරනවිට මනසට ආ ගැටලුව නම්, මේ යානය කුමක්ද? කොහොමද මේක මෙතනට ආවේ යන්නයි. ඒ අතරේ මතකයට ආවේ දෙවන ලෝක යුද්ධ කාලයේදි ජපන් VAL බෝම්බකරුවන් විසින් ගිල්වූ බ්‍රිටිෂ් සාජන්ට් නම් ලොකයුද්ධ කාලයෙදි ගිලුනු නෞකාවේ valiant gunner විසින් ගිල්වා දැමු ජපන් VAL බෝම්බකරුවන්ගෙන් එකක් බවයි.නමුත් බ්‍රිටිෂ් සාජන්ට් නෞකාව ගිලී ඇත්තේ මෙහි සිට කි.මි. 15කට ආසන්න දුරකින් වන බැවින් එම දුර ප්‍රමාණයද වැඩි නිසාවෙන් එය විය නොහැකිදෝ යන්න නැවතත් මනසෙන් එම අදහස ඉවත් වී ගියේ ඇත්තටම මේ කුමක්ද යන්න හිතට කුතුහලයක් ගෙන දෙමිනි.

තවදුරටත් ගවේෂණය කරන විට, අසල තිබි තවත් ප්‍රොප්ලර් එකක් සහ එන්ජිමක් හමු විය. දැන් දැන් පෙනී යනවිට මෙය ද්විත්ව එන්ජින් සහිත ගුවන් යානයක් මෙම ස්ථානයට කඩා වැටී ඇති බව තහවුරු විය. කාල වෙලාව අවසන් වී ගෙන යන නිසා මා නැවත ගොඩට යායුතු බව මට මතකයට ආ අතර මේ ඩයිව් සයිට් එක ඉතාමත් වෙනස්ම විදිහේ සුන්දරත්වයකින් හිතට වැදුනේ මෙය ගුවන්යානයක් වන නිසාවෙනි. හරි මගේ වෙලාව අවසාන වීමට ආසන්න වෙන නිසාවෙන් කිමිදීම එතැනින් අවසන් කර නැවත බෝට්ටුවට පිහිනා ගියෙ අද්භූත කතාවක් විසඳීමට තරම් කුතුහලයක් හිතේ හිරකරගෙනය.

මගේ දැනුමට අනුව VAL, Kate's සහ Zeros තනි එන්ජින් ගුවන් යානා විය. එබැවින් මෙම යානය එම වර්ග වලට අයත් නොවන්නේ ප්‍රොප්ලර් දෙකක් සහ එන්ජින් දෙකක් තිබුන නිසවෙනි.

1960 ගණන්වල සිට අතුරුදහන් වුන ගුවන්යානා ඇතුළුව සමස්ථ ගුවන් යානා කඩා වැටීම් පිළිබඳ බොහෝ ලිපි සහ වාර්තා සති ගණනාවක් කියවු නමුත් එම ගුවන් යානා වර්ග වලට අයත් ලක්ෂණ කිසිවක් සුන්බුන් වල ලක්ෂණ සමඟ නොගැලපේන බව තෙරුම් ගිය අතර, ඒ නිසා කලකිරීමට පත් විය. එදා කිමිදීමේදී ගත් සියලුම පින්තූර ෆේස්බුක් හි පළ කරමින්, උදව් සහ පිළිතුරු සොයමින් කාලය ගත කරේ එයින්වත් මෙම අභිරහස සාර්ථක ලෙස විසදගත හැකි වනු ඇතැයි අපේක්ෂා කරමිනි.

පෝස්ට් එක දකින එක් පුද්ගලයෙක් විසින් එය කැටලිනා විය හැකි බව යෝජනා කර අතර එය මේ ගමන උඩයටිකුරු කරවු කරුණක් විය. පුදුම සහගත ලෙස, සෑම විශේෂාංගයක්ම Consolidated Catalina PBY-5A ගුවන් යානයේ ආකෘතියට ගැලපේ. මෙම විශේෂාංග අතර රෝද, ප්‍රචාලක කේන්ද්‍රයේ විස්තර, එන්ජින් වර්ගය, ඉංජිනේරු කවුළුව ලෙස පෙනෙන දේ සහ තටුවට යටින් ඇති ව්‍යුහය ඇතුළත් වේ. මෙම ව්‍යුහය Catalina හි Metric Wave Radar සහිත Dipole Antennas විය.එ විදිහට බලනකොට, මෙම වර්ගයේ රේඩාර් රැගෙන ගිය පළමු එක්සත් ජනපද ගුවන් යානා වලින් එකක් ලෙස මෙම කැටලිනා ඉතිහාස ගත වී ඇත.

නමුත් අපේ රටේ මුහුදු සීමාවෙ කොහොමද කැටලිනා එකක් කඩා වැටුනේ? මේ නැවත ආ ප්‍රශ්නයකි.

තව දුරටත් පර්යේෂණය කරගෙන යනවිට පෙනී ගියේ, දෙවන ලෝක යුද්ධයේ ලන්දේසි RAF බලඝණයක PBY-5A කැටලිනා යානයක් මෙම ගුවන් යානය කඩාවැටුණු ස්ථානයට ආසන්න ප්‍රදේශයක කඩා වැටි ඇති බවත් ය. තවදුරටත් ඒ ඔස්සේ පර්යේෂණය කරමින් යනවිට තහවුරු වූයේ හරියටම කඩා වැටී ඇත්තේ එම ගුවන් යානයම බවයි. එය 1943 දෙසැම්බර් 9 වන දින රාත්‍රී මෙහෙයුමක යෙදී සිටියදී එන්ජිමේ දෝෂයක් හේතුවෙන් යානය ගුවන්ගත වී පැය 1.5 කින් පමණ සිය මෙහෙයුම නවතා ආරක්ෂිත ගොඩබැමකට සුදානම්ව සිටියදි මුහුදට කඩා වැටි ඇත. යානය කඩා වැටි පැයක් ඇතුලත එය ගිලී ගිය බව යානයේ කාර්ය මණ්ඩලය තහවුරු කර ඇති අතර ඔවුන් 11දෙනා ඩිංගි යාත්‍රාවක නැගි දිවි ගලවා ගැනීමට සමත් විය. දිවි ගලවා ගත් අය චීන වරාය ගුවන් හමුදා කඳවුරේ සිට කිලෝමීටර 80 ක් දුරින් පිහිටි වෙරළට ළඟා විය. ඒ වගේම චීන වරායේ සිට කඩාවැටුණු ස්ථානයට දුර කිලෝමීටර 85 පමණ වේ.

සියල්ල තහවුරු වු නමුත් අභිරහසක් වූ මේ විමර්ශනය දිගටම පැවතුනි.

2015 ජනවාරි 13 වැනි දින ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිවරයාගේ ඉල්ලීම පරිදි පිහිටුවන ලද විශේෂඥ මණ්ඩලයක් මගින් ඩයිව් ශ්‍රී ලංකා ආයතනයේ මෙම විමර්ශනය සාර්ථකව තහවුරු කර අතර . මෙම මණ්ඩලයට නෙදර්ලන්තයේ ලෙලිස්ටාඩ් ගුවන් තොටුපළේ කැටලිනා විශේෂඥ Prudent Staal සහ "Friends of the Historic Chamber of the Netherlands Naval Air Service" පදනමේ සභාපති හිටපු අණදෙන නිලධාරී Anne van Dijk ඇතුළත් විය.

මෙහි තීරණාත්මක සාක්ෂි වන්නේ,

  • සොයාගත් ගුවන් යානා වර්ගය
  • ස්ථානය
  • හානියේ ස්වභාවය සහ අවසාන ප්‍රධාන විස්තරය
  • ගුවන් යානය කඩා වැටීමට පෙර, වරාය පැත්තේ එන්ජිමට තෙල් පීඩනය අඩු වී ඇති අතර, ප්‍රචාලක ස්ථානය ප්‍රතිරෝධය අඩු කිරීම සඳහා "feathered" ආකාරයට තිබිම (එනම් වායු ප්‍රවාහයට සමාන්තරව සකසා ඇත).
  • සුන්බුන් වල - එක් ප්‍රොප්ලර් එකක් "ෆේතෙරෙඩ්" ආකරයටත් සහ අනෙක් ප්‍රොප්ලර් එක "සාමාන්‍ය" ආකාරයටත් පැවතීම මගින් කාර්ය මණ්ඩලය විසින් නිකුත් කරන ලද cරශ් අccඔඋන්ට් හි සදහන් ආකාරයටම පැවතීම.
  • තවද, මෙන්න මගේ කිමිදීම අතරතුර ලබාගත් පින්තූර සහ විඩියෝපට.

අවසානයේදි සමස්ත ලක්වාසී සියල්ලටම තවත් සුන්දර ඩයිව් සයිට් එකක් මේ ආකාරයෙන් හිමිවිය. තවත් කාලයක් ඇවෑමෙන්, මේ සුන්දර ඩයිව් සයිට් එක විනාශ වී ගිය ද, මේ වීඩියෝ සාක්ෂි සමග තවත් කාලයක් මෙය අභිරහසක් නොවී සියලු දෙනාගේ සිත් වල තැම්පත් වී යනු ඇත.

Author Image
Nipun Samintha

is a passionate underwater explorer, videographer, and photographer. He shares his knowledge and experiences on marine life through srilankandiver.com.


(c) 2022 DiveSriLanka - All rights reserved.